සදුදා, 11 මාර්තු 2024 08:40

ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා Featured

මැතිවරණ සටනේ පළමු ජන රැලිය ‘සැබෑව’ අමතමින් ජනපති කුලියාපිටියේදී කියයි

සජබ අයටත් සැබෑ එජාපයට එන්න ඇරියුම් කරනවා

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැලිය “සැබෑව” යන තේමාවෙන් කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වසර ‍දෙකකට පසු ඇමතූ පළමු ජන රැලිය මෙය වේ. ජන රැලිය සඳහා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයට ඊයේ මහා ජන ගඟක් එක්ව සිටියහ. පැමිණ සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය. ජන රැලිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය. වසර දෙකකට පසු සිය නායකයා පක්ෂයේ දේශපාලන රැස්වීමකට සහභාගි වීම නිසා ජනතාව තුළ මහත් උද්‍යෝගයක් දිස් විය. පක්ෂයේ අනෙකුත් සියලුම නායකයන්ද සමුළුව ඇමතූහ.

අර්බුදය අවස්ථාවේ රට බාර නොගත් කාටවත් දොස් කියන්නේ නැතැයි ද ඔවුන් රට බාර නොගත්තේ නොහැකියාව නිසා බව දැන් ඔප්පු වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ගොඩ පෙරකදෝරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන සමඟි ජන බලවේගය තුළ දැන් ‘යූ.එන්.පී කාරයන්ට‘ ඉඩක් නැතැයි කී ජනාධිපතිවරයා සජබෙට ගිය සියලු පාක්ෂිකයන්ට නැවත මහ ගෙදරට එන්නැයි විවෘත ආරාධනාවක් කරන බව ද සඳහන් කළේය. ජනතා සහන දීමේ විප්ලවයක් ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කීය.

බින්දුවට වැටුණු රට ගොඩනැ‍ඟීමට සහාය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය.

“සැබෑව” යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැලිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ දී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website