බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2024 10:10

ජාතික පාසල් පළාත් පාසල් භේදය ඉවතට Featured

-එකම පාසල් පද්ධතියක් ක්‍රියාවට නැංවීම පියවරෙන් පියවර

පන්ති කාමරයේ විෂයක ඒකකයක් උගන්වා අභ්‍යාස දී ලකුණු දීමේ ක්‍රමවේදයක්

ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට තාක්ෂණය යොදා ගැනේ

ජාතික පාසල් සහ පළාත් සභා ලෙස භේදයකින් තොරව සෑම පාසලක්ම එකම පාසල් වර්ගයක් බවට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. මෙම සැලසුම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන බවත් එක්වර එය ක්‍රියාවට නැංවීමට නොහැකි වුවත් ක්‍රමානුකූලව අදියරෙන් අදියර ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මඟින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පාසල්වල ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කළ යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන් සඳහා තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණය යොදාගත යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පන්ති කාමරයේ යම් විෂයක ඒකකයක් උගන්වා අවසන් කිරීමෙන් පසුව අභ්‍යාස ලබා දී ඒවාට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවත් බොහෝ රටවල එම ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලීනව වෙනස් විය යුතු අතර අධ්‍යාපන ඇමැතිවරයා වෙනස් වූවාට එය වෙනස් නොවිය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට පෙරේදා (12) සහභාගි වෙමිනි.

 

සන්ධ්‍යා කරුණාරත්න

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website