බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 09:05

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සතියේ සිට පළමු වසරේ සිසුන්ට යළි විවෘත කෙරේ Featured

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 27 වැනි දා පළමු වසරේ සිසුන්ට විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසති.

උන්වහන්සේ ඒ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාලය විවෘත කරන්නේ ද යන්න පිළිබඳව නිව්ස්ෆසට් කළ විමසීමට පිළිතුරු ලබාදෙමිනි.

සිසුන් සියල්ලන්ම ගෙනවිත් විවෘත කරන ලෙසට සිසුන් ඉල්ලුම් කළ ද එය කිරීමට හැකියාවක් නොමැති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළාහ.

පියවරෙන් පියවර සිසුන් සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙසට පාලක සභාව ප්‍රකාශ කර ඇති බව ද උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසති.

මේ අතර මාස දෙකක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමින් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළේ ය.

ඊට පොලීසිය බාධා කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website