බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2023 17:53

ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටුයි - එස්.බී. Featured

ජනපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 වසරකින් හෝ එකහමාරකින් නැවත ආර්ථිකය හරි ගැස්වීමට හැකියාව තිබෙන බවද ඔහු එහිදී සඳහන් කළේය.

රටට කෙල වුනේ ආයෝජකයන්ට බය වූ නිසා බවත්, වරාය නගරය රටට සම්පතක් කර ගත යුතුව ඇති බවත් පැවසු දිසානායක මන්ත්‍රීවරයා, වරාය නගරය කිසිවකුත් උත්සාගෙන යාවි යැයි බිය විය යුතු නැති බවද සඳහන් කළේය.

ඡන්දෙට නැකතුත් සදාගෙන බලා සිටි නමුත් ඒකට කෙළවී තිබෙන බවත් ඡන්දෙ තිව්වොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ආසන ජයග්‍රහණය කරන බවත් ඔහු මෙහිදී පැවසිය.

ඡන්දෙ අවශ්‍ය නමුත් මුලින්ම කළ යුත්තේ බඩගින්නේ සිටින ජනතාවට කන්න දීම බව කී දිසානායක මන්ත්‍රීවරයා, ඉහ මොල රත් වන බදු ගසා ඇතත් සියලුම දෙනා එක්ව දුක බෙදා ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.

 

 

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

 

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා කීවේය.


JW

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website