සදුදා, 18 මාර්තු 2024 08:48

පාතා­ල­යන් දෙදෙ­න­කුට රටින් පනින්න උදවු කළ පාස්පෝට් ලොක්කෙක් සහ හිටපු ලොක්කෙක් අත්අ­ඩං­ගු­වට Featured

එක් පාතාලයෙක් හීනටියන මහේෂ් අනෙකා මතුගම ශාන්

හිටපු ආගමන විගමන නි. පාලක මේ වනවිට විශ්‍රාම වැටුප් නි. අධ්‍යක්ෂවරයෙක්

අප­රාධ රැසක් මෙහෙ­ය­වී­මට ප්‍රධා­න­ත්වය ගත් මෙරට පාතාල ප්‍රබ­ල­යන් දෙදෙ­න­කුට රටින් පලා යෑමට ව්‍යාජ ගුවන් ගමන් බල­පත්‍ර දෙකක් සැකසූ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු හා හිටපු නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඊයේ (17) අත්අ­ඩං­ගු­වට ගැනිණ.

නුරේෂ් සුපුන් දයා­රත්න හෙවත් හීන­ටි­යන මහේෂ් සහ ශාන් අරෝෂ් ලිය­නගේ හෙවත් මතු­ගම ශාන් යන පාතාල නාය­ක­යන්ට මෙසේ අසත්‍ය තොර­තුරු මත විදේශ ගමන් බල­පත්‍ර සකස් කර­දීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මෙම නිල­ධා­රීන් දෙදෙනා ඉදිරි විම­ර්ශන සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිය භාර­යට ගෙන තිබේ.

එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව ඔවුන් දෙදෙනා පොලිස් භාර­යට ගනු ලැබූ අතර අප­රා­ධ­ක­රු­වන්ට මෙලෙස විදේශ ගමන් බල­පත්‍ර තවත් ලබා දී ඇද්ද යන්න සම්බ­න්ධ­යෙන් සහ තවත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කර ගැනී­මට ඔවු­න්ගෙන් වැඩි­දුර ප්‍රකාශ ලබා ගන්නා බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යකු ‘දින­මිණ‘ සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් පැවැ­සීය.

සැක­ක­රු­වන් දෙදෙනා මේ ගමන් බල­පත්‍ර සකස් කිරී­මට රුපි­යල් ලක්ෂ ගණ­නක මුද­ලක් ලබා ගන්නට ඇතැයි පොලි­සිය සැක කරයි.

සැක­කාර නියෝජ්‍ය පාල­ක­ව­රයා විසින් සුපුන් දයා­රත්න හෙවත් හීන­ටි­යන මහේෂ් නමැ­ත්තා­ටද සැක­කාර හිටපු නියෝජ්‍ය පාල­ක­ව­රයා විසින් මතු­ගම ශාන් නැමැ­ත්තාට ද ව්‍යාජ ගුවන් ගමන් බල­ප­ත්‍රය සාදා දී ඇති බව විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇත.

මානි­ක්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නම සහ ව්‍යාජ හැඳු­නු­ම්පත් අංක­යක් ඇතු­ළත් කර ව්‍යාජ ගුවන් ගමන් බල­ප­ත්‍රය සකසා ඇති බවට අනා­ව­ර­ණය වී ඇති අතර දොඩං­ගොඩ ලිය­නගේ ප්‍රාදේශ කුමාර ජය­සිංහ නමැති ව්‍යාජ නාමය භාවිත කර මතු­ගම ශාන් නමැ­ත්තාට ගුවන් ගමන් බල­ප­ත්‍රය සකස් කර දී ඇති බව පොලිස් විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇත.

සැක­කාර හිටපු ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­රයා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු ලෙසට සේවය කරන බවත් වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ආරංචි මාර්ග සඳ­හන් කරයි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති පේම­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ විම­ර්ශන සිදු කෙරේ.

මේ නිල­ධා­රින් දෙදෙනා සම්බ­න්ධ­යෙන් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක්ද ආරම්භ කර ඇතැයි එහි උසස් නිල­ධා­රි­යෙක් ‘දින­මිණ‘ට ඊයේ (17)පැවැ­සීය.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website