සදුදා, 18 මාර්තු 2024 08:54

රක්ෂිතයට ගිනි.. අක්කර ගණනක් විනාශයි… Featured

නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ පන්විල ප්‍රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අසල පිහිටි ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නකින් වන වගා රක්ෂිතයේ අක්කර පහලෝවක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම මාර්ගය හරහා ගමන් ගත් කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

පැවති අධික වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව පැතිර ගිය ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website