සිකුරාදා, 22 මාර්තු 2024 09:20

ලිංගිකව එක්වීමේ වයස 14ට අඩු කිරීම: ලිංගික වෙළෙඳ පොළක් හදන්න ආණ්ඩුව නීති වෙනස් කරනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි Featured

ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට ලිංගික වෙළෙඳ පොළක් කිරීමට ආණ්ඩුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (21 දා) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කළ සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවත්, එය ස්ත්‍රී දූෂණයක් යටතට වැටෙන බව පැවසූ ඒ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා දණ්ඩනීති සංග්‍රහයට ගෙන එන එම සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා අඩු කරන බව පැවසීය.

එහිදී ඒ මහතා තවදුරටත් විමසාසිටියේ මෙම පනත හදිසි අවශ්‍යතාවක් ලෙස ගෙන එන්නේ ආණ්ඩුව මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් ලෙස සලකනවා ද යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවැසීය. මෙය හුදෙකලා සිදුවීමක් නෙවෙයි. මීට පෙර මෙරට ආයුර්වේද පනත සංශෝධනය කර එක් පැත්තකින් කංසා නීතිගත කිරීමට ඉඩකඩ සලස්වා තිබෙනවා. අනෙක් අතට දැරිවියන් සම්බාහන ආයතනවල ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණයකින් තොරව ශිල්පිනියන් ලෙස වැඩ කිරීමට ඉඩකඩ සලස්වා තිබෙනවා. ඒ අතරේ මෙම පනත මෙරට ලිංගික සේවා සපයන වෙළෙඳපොළක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ එක් පියවරක් බවට පත්වෙනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website