සෙනසුරාදා, 23 මාර්තු 2024 11:31

පාස්කු ඉරිදා ප්‍රහා­රය කළේ කවුද කියා දන්නවා උසා­විය ඉල්ලු­වොත් කියන්න ලෑස්තියි Featured

පාස්කු ප්‍රහා­රය කළේ කවුද කියා තමන් දන්නා බවත් අධි­ක­ර­ණය ඉල්ලී­මක් හෝ නියෝ­ග­යක් කළ හොත් ඒ අය හෙළි කිරී­මට සූදා­නම් බවත් හිටපු ජන­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා පව­සයි.

තමන් කරනු ලබන ප්‍රකා­ශය රහ­සක් ලෙස තබා­ගැ­නීම විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ වග­කී­මක් යැයිද ඒ මහතා කීය.

අස්ගිරි ගෙඩිගේ රාජ­මහා විහාර පරි­ශ්‍රයේ අභි­න­ව­යෙන් ඉදි කළ වේඬ­රුවේ උපාලි අනු­නා­හිමි ධර්ම මන්දි­රය විවෘත කිරීමේ අව­ස්ථා­වට එක් වීමෙන් පසු ඊයේ (22) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් සිරි­සේන මහතා මේ බව පැව­සීය.

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­රණ කට­යුතු සිදු වෙමින් තිබෙන්නේ තමන් අල්ලා දුන් ත්‍රස්ත­වා­දීන්ට එරෙ­හිව බවද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

පාස්කු ප්‍රහා­රය සැබෑ ලෙසම සිදු කළේ කවුද යන්න තව­මත් කිසි­ව­කුත් නොදන්නා නමුත් ඒ අය කවුද කියා තමන් දන්නා බවද හිටපු ජන­ප­ති­ව­රයා පැව­සීය.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website