සෙනසුරාදා, 23 මාර්තු 2024 12:31

ජන අරගල විරෝධතාවට පහරදීම ගැන විපක්ෂය කටක් හෙල්ලුවේ නෑ: - පුබුදු ජයගොඩ Featured

අයි.එම්.එෆ්. සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන ඇත්තේ පාර්ලිමේන්තුවේ නොව එළියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

නුගේගොඩ එම පක්ෂ මූලස්ථානය ඊයේ පැවැති ප්‍රති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

ජයගොඩ මහතා මෙසේද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ආර්ථිකය විනාශ වෙනවා. ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. අර්බුදය අතරේ ඉන්දියාව තමන්ගේ දේශපාලන – ආර්ථික – මිලිටරි අභිලාෂයන් වෙනුවෙන් ලංකාව යටත්විජිතයක් කර ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුව ඒවා ඉදිරියේ දණ නමන අතර ඒවාට එරෙහි උද්ඝෝෂණවලට පහර දෙනවා. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එකේ නියෝජිතායතනයක් වගේ වැඩ කරන්නේ. ආණ්ඩුව නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන් ජනතාවද, අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානද කියන එක තේරුම් ගන්න මේ සිදුවීම පමණක් වුවත් ප්‍රමාණවත්. ඒ වගේම ඉන්දියානු මැදිහත්වීම්

ගැන කියද්දී ලංකාවේ පොලිසියට කිති කැවෙන්නේ ඇයි? ලංකාවේ පොලිසිය ඉන්දියාවේ ප්‍රාන්ත පොලිසියක්ද? ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා හරීන් ප්‍රනාන්දු කියපු විදියටද පොලිසිය වැඩ කරන්නේ? ලංකාවේ දේශපාලන ස්වාධීනත්වයේ තරම

ගැන තේරුම් ගන්න මේවා පාඩමකට ගන්න පුළුවන්. ආණ්ඩුව IMF එක සහ ඉන්දියාව වෙනුවෙන් වැඩ කරද්දී විපක්ෂය මොකද කරන්නේ? විපක්ෂයේ පක්ෂ වන සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ ප්‍රශ්න ගැන කට අරින්නේ නැහැ. IMF ගැන වගේම ඉන්දියාව ගැනත් විපක්ෂයේ කටේ පිට්ටු. සමගි ජනබලවේගය කියන්නේ IMF එකට කලින් යන්න තිබුණා කියලා. ජාතික ජනබලවේගය කියන්නේ IMF වැඩසටහනෙන් ඉවත් වෙන එක මනෝරාජිකයි, ඒ ගොල්ලෝ ආවත් කරන්නේ ඒක කියලා. ඉන්දියාවේ ආධිපත්‍යවාදී මැදිහත්වීම ගැන අපි කියද්දී ඉන්දියාව බේරා ගන්න කරුණු කියන තෝල්කයෝ බවට පත්වෙලා ඉන්නේ විපක්ෂයේ පක්ෂ. මේ විපක්ෂය ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට නිහඬතාවයෙන් සහය දෙන අතර IMF සහ ඉන්දියානු උපායමාර්ගික වැඩපිළිවෙළ ආරක්ෂා කරනවා. ඒ අතර මැතිවරණයේදී ඡන්ද ගොඩ වැඩි කර ගන්න බලාගෙන ආණ්ඩුවට පොඩි පොඩි තාක්ෂණික විවේචන කරනවා. ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයට පහර දීම ගැන වචනයක්වත් නොකියා පාර්ලිමේන්තුවේ විපක්ෂය කරමින් ඉන්නේ කථානායකගේ විශ්වාසභංගය වගේ ඒවාට දුවන එක. IMF සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ. පාර්ලිමේන්තුවේ ඇතුළේ අඩුම ගානේ ඒ සටනට එරෙහි මර්දනයට විරෝධයක්වත් නැහැ. ඒ නිසා බලය හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් එළියේ. ඒ එළියේ බලයේ නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළේ ශක්තිමත් කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ පක්ෂවල කුට්ටම ආයේ ඇනුවට වැඩක් නෑ. අරගලය අලුත් කරමු, මහජන ව්‍යාපාරය ගොඩනඟමු.

අනුරාධ හිරිපිටියගේ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website