ඉරිදා, 24 මාර්තු 2024 13:42

හෙට චන්ද්‍රග්‍රහණයක් Featured

මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මීළඟ ට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත සූර්යග්‍රහණක් බව ද ඔහු පැවසීය.

2024 මාර්තු 25 වන දින වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනුනත් එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, උතුරු/නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වනු ඇත. ශ්‍රී ලංකාවේ සම්මත වේලාවට අනුව චන්ද්‍රග්‍රහණය මාර්තු 25 දින සඳ ක්ෂිතිජයට යටින් ඇති දිවා කාලයේදී පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වේ.

ඉන් දින 14කට පසු, එනම් 2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව අති අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් වසා දමන්නට පවා සලසුම් කර ඇත. මෙම පූර්ණ සූර්යග්‍රහණය ද ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වේ. ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් සූර්යග්‍රහණය 2024 අප්‍රේල් 8 වන දින රාත්‍රී 9.12 ට ආරම්භවී අප්‍රේල් 9 වන දින අලුයම 2.22 ට අවසන් වේ.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website