සදුදා, 25 මාර්තු 2024 09:03

පාස්කු ප්‍රහාර ප්‍රකාශය ගැන ප්‍රශ්න කරන්න මෛත්‍රීපාල අද CIDයට කැඳවයි Featured

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම එල්ල කළ පුද්ගලයන් තමන් දන්නා බව පවසමින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහනුවර දී ප්‍රකාශයක් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට අදාළ හඬ පට හා වීඩියෝ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඒ බව අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතව තිබේ.

පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණි. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද සිවිල් සංවිධානද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (23) පැමිණිලි කරමින් සඳහන් කරනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website