බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2024 12:13

හදිසි මහ මැතිවරණයකට පාර්ලිමේන්තුවට යෝජනාවක්.. Featured

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුකරන බලපෑම් ඉහල යමින් ඇති බව වාර්තා වේ.

ඒ ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේ පවත්වනු ඇති බවට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු හේතුවෙනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසකගේ මතය වී ඇත්තේ පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තම පක්ෂයට වාසිදායක බවයි.

එනිසා ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් කැදවා ගැනීමට ඔවුන් උත්සුක වී සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ව්‍යවස්ථාව අනුව නියමිත ජනාධිපතිවරණය පවත්වනු මිස තමන් හදිසි මහමැතිවරණයක් නොකැඳවන බවය.

ඒ අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු බවට ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

CN

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website