සිකුරාදා, 29 මාර්තු 2024 09:35

බුද්ධි අංශය හොර ජනමත සමීක්‍ෂණයක් තියා මාලිමා ජනප‍්‍රියත්වය අඩු වෙලා කියන්න හදන්නේ… Featured

බුද්ධි අංශය හොර ජනමත සමීක්‍ෂණයක් තියා මාලිමා ජනප‍්‍රියත්වය අඩු වෙලා කියන්න හදන්නේ…

රාජ්‍ය බුද්ධි අංශ විසින් හොර ජනමත සමීක්ෂණයක් සකස් කරමින් ඇති බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ජනප‍්‍රියත්වය අඩු වී ඇතැයි පෙන්වීමට මෙම ව්‍යාජ සමීක්ෂණය සිදු කරන බවද හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනප්‍රියත්වය අඩු වන්නට කිසි හේතුවක් නැති බවද පැවසූ ඔහු ඇත්තටම සිදුවී ඇත්තේ ජාතික ජන බලවේගය සමග ජනතාව අත්වැල් බැඳගැනීම බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයට ඇති ජනප්‍රසාදය ගැන බිය වූ පාර්ශ්වයන් සියලු දෙනා එකට එකතු වීමටද දැන් යෝජනා කරමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එම පක්‍ෂයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website