බ්‍රහස්පතින්දා, 09 පෙබරවාරි 2023 11:57

විදෙස් ණයවලට පරිසර සම්පත් හිලවු කරන්න සාකච්චා - පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය Featured

ජාත්‍යන්තර බැංකුවලින් ශ්‍රී ලංකාව විසින් ලබාගන්නා ලද අය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වාදෙන්නේ පරිසරය සඳහා ණය නම් වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වෙමින් ඇති බවයි.

 ආර්ථික අර්බුදයක සිටින රටකට මූල්‍ය ණය පියවා ගැනීමට පාරිසරික සම්පත් හිලව් කිරීම පහසු යෝජනාවක් ලෙස බලධාරීන්ට පෙනෙන්නට තිබුණද පාරිසරික සම්පත් වෙළඳ භාණ්ඩ බවට පත් කිරීම ජනතාවගේ ජීවිතයට අනතුරක් බව ද හෙතෙම පැවසීය.

මීට වසර දහයකට පෙර ද ජල කළමනාකරණය කරන ලෙස ජලය විකිණීමේ ප්‍රතිපත්තියක් ගෙන ඒමට එවකට පැවති ආණ්ඩු ලෝක බැංකුව සමග එක්ව උත්සාහ දැරු බවද හෙතෙම තවදුරටත් පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website