සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:00

නොරොච්චෝල වසා දමන්න වෙයි.. දැවැන්ත විදුලි අර්බුදයක්… Featured

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය මත ඉදිරි කාලයේ දී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම පිලිබඳවත් මේ වන විට ගැටලුවක් නිර්මාණය වී ඇතැයි ද එම සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා සඳහන් කළේය.

පසුගිය වසරක කාලය තුළ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 72ක් රට හැර ගොස් තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් විසි දෙදෙනකුම නොරොච්චෝල බලාගාරයේ සේවය කළ අය බවත් ඔහු සඳහන් කරයි.

නොරොච්චෝල බලාගාරය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා ඉංජිනේරුවන් 123ක් සේවය කළ යුතු නමුත් අද වන විට සේවය කරමින් ඇත්තේ සීයක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ඉංජිනේරු හිගය මත ඉදිරියේදී බලාගාරය නවතා දැමීමට පවා සිදුවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි අර්බුදය බරපතළ තත්ත්වයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website