සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:03

සිපෙට්කෝ සේවකයන්ගේ OT අහෝසියි… Featured

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කර තිබේ.

බිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මත මෙම පියවර ගන්නා ලද බවයි.

විදුලි ගාස්තුව වැඩි කරන ලද්දේ විදුලි ඉංජිනේරුවන් හෝ වෙනත් නිලධාරීන්ට අතිකාල දීමනා ලබා දීමට නොවන බවද හෙතෙම පැවසීය.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසු ණය ගැනීමට හැකියාව ලැබුණ බවත් ඒ හරහා ප්‍රධාන බැංකු දෙකෙන් මුදල් ලබාගෙන දැවි තෙල් මිල දී ගෙන අඛණ්ඩ විදුලි ලබා දෙමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website