සදුදා, 01 අප්‍රේල් 2024 11:35

පොහොට්ටුව ඇන්දේ මගේ අතින් – 69 ලක්‍ෂයට නායකත්වය දෙන්න මට පුළුවන් – දිලිත් ජයවීර Featured

මේ රටට සාමය උදා කරපු තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්‍ෂ යුග පුරුෂයා ගැන අපිට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් එතුමා දැනගත යුතු කාරණයක් තමයි එතුමාගේ සහෝදරයා පස්සෙන් යන්ට අපි නිවටයෝ නෙවෙයි. වහල්ලු නෙවෙයි. ඒක මතක තියාගන්න ඕන යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා 30දා බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතා පැවැසීය.

බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේ පැවැති එම සමුළුව අමතා හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

එකක් තමයි හැටනව ලක්ෂයක් ඡන්ද දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නොවෙයි. හැටනව ලක්ෂයක් දෙනා පුද්ගලයන්ට ඡන්දය දුන්නේ නැහැ. පවුල්වලට ඡන්දය දුන්නේ නැහැ. ඡන්දය දුන්නේ මේ රටේ සභ්‍යත්වය ගැන විශ්වාස කරන දේශප්‍රේමී කියලා විශ්වාස කරන මේ රටට ආදරය කරපු ජනතාවයි.

මව්බිම ජනතා පක්ෂය ඉදිරිපත් වුණේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිීරීමට කියන එක මේ රටේ හැම මිනිස්සුම දන්නවා නම් ඒගොල්ලෝ නොදන්නේ ඇයි කියලා අහන්න මම කැමතියි. හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ එපා කියලා මිසක් නැවත වරක් ජනාධිපති කරන්න කියලා නොවෙයි.

අපේ පොහොට්ටුව පාවා දෙන්න හදනවා. ඔය අපේ පොහොට්ටුව. අලුත් ශ්‍රී ලංකාවක් කියලා අපි කිව්වේ ඔය පොහොට්ටුව අයිති අපිට. ඔය පොහොට්ටුව විදේශයක ඉඳලා ලංකාවට ඇවිල්ලා වහල්ලු වගේ මිනිස්සු හසුරුවන බැසිල් රාජපක්ෂට අයිති නැහැ කියා මම කියනවා.

මම කවදාවත් කැමැති නැති පුද්ගලයෙක්. මේ රටට ආදරය නැති පුද්ගලයෙක්. රටේ සභ්‍යත්වයට ආදරය නැති පුද්ගලයෙක්. ව්‍යාජ පුද්ගලයෙක්. දැන් තියෙන්නේ මහ මැතිවරණය කියලා ඔහු කියනවා. ලංකාවේ මැතිවරණය තීරණය කරන්නෙ ඇමරිකන්කාරයෙක්ද? නිවාඩුවට ආව ඇමෙරිකන්කාරයකුට මැතිවරණය තීරණය කරන්න පුළුවන්ද? ජනතාව මේක ප්‍රශ්න කරන්න ඕන කාලය ඇවිල්ලා. පොහොට්ටුවට ජනාධිපතිවරණයට දමන්න අපේක්ෂකයෙක් නැහැ කියලා ප්‍රසන්න රණතුංග කියලා තිබුණා. කොයි පොහොට්ටුවටද? බැසිල්ගේ පොහොට්ටුවටයි නැත්තේ. ජනතාවගේ පොහොට්ටුවට ඉන්නවා දමන්න දිලිත් ජයවීර.

තුට්ටු දෙකේ දේශපාලනය ඉවරයි. ඒ නිසා ආවේගශීලී දේශපාලනයට මම කැමැති නැහැ. මම උත්සාහ කළා මේ පණිවුඩය මීට වඩා සංවර වෙන්න ලබා දෙන්න. ලංකාවේ අපට ආදරය කරන මිනිස්සුන්ට කවදාවකවත් කනගාටුවෙන්න කවදාවත් දුක හිතෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔබේ ජීවිතේ වෙනසක් වෙනවා.


බදුල්ල – එච්. එම්.ඒ. සමරකෝන් බණ්ඩාර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website