සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:05

රනිල් ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමේ පළමු වෙඩිමුරය තියනවා.. Featured

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විත් පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් මෙසේ පැවසීය.

මිත්‍රවරුනි

අද රටත් බංකොලොත් වී ජනතාවගේ ජන ජීවිතයත් කඩන් වැටිලා. රටට නිසි නායකත්වයක් නැහැ. ජනාධිපතිවරයත් පාර්ලිමේන්තුවය ඇවිත් පිස්සු දොඩවන තත්ත්වයක් අද නිර්මාණය වෙලා. අද පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපතිවරයා කියනවා විපක්ෂය කියනවලු ඡන්දය නවත්වන්න කියලා. සමගි ජන බලවේගයේ අපි මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා රැස්වීම් පවත්වලා ජනතාව දැනුවත් කරලා ඉතාමත්ම ශක්තිමත්ම අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මකව කරනවා. ජනාධිපතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ බොරු බේගල් ඇද දමා ජනතාවගේ මනස විකෘති කර තමන්ගේ විකෘති අදහස්වලින් රට තුළ බොරුව රජ කරවීමට උත්සාහ ගන්නවා.

එක වෙලාවට ඔහු කියනවා මැතිවරණ කොමිසමේ ඒකමතික තීන්දුවක් නොමැතිව මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා කියලා. ඒ වෙලාවෙම ඔහු කියනවා රටේ මැතිවරණයක් නැහැ කියලා. ඒ නිසා කල් දාන්න දෙයක් නැහැලු. මොන පිස්සු කතාද මේවා. මේවගේ පිස්සු කතා කර කර පිස්සු ආණ්ඩුවක් ක්‍රියාත්මක වන නිසා තමයි රට හැමදාම මහා ප්‍රපාතයක ඇද වැටෙන්නේ.

ලයිට් බිල සියයට 250කින් වැඩි කරනවා බදු බර ගෑස් මිල තෙල් මිල වැඩි කරලා මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගෙන පාර්ලිමේන්තුවට ඇවිත් පිස්සු කතා කරනවා. ඔහු රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරනවා. ඡන්දය අයිතිය සහ මේ රටේ ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමක්.

රටේ ජනාධිපතිවරයා ලබා දෙන්නේ මහා භයංකාර පණිවිඩයක්. රටේ ජනාධිපතිවරයා රටේ ජනතාවට කියනවා මේ රටේ ඡන්දවලට ඉඩක් නෑලු. ඡන්දේ තීරණය එක්නේ එයාලු. එයා මැතිවරණ කොමිසමේ සභාපතිකමත් උදුරාගෙන. අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක්. මේක ඒකාධිපති රටක් නොවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. නැවත වරක් ඔබ අපි සියලු දෙනා අත්වැල් බැද ගෙන මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය දිනා ගමු.

රටත් පිස්සු කරන මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව පළවා හැරලා මේ ජනාධිපතිවරයාව අනාගතයේ දී ජනාධිපතිවරණයකින් පරාජය කිරීමේ ගමනේ පළමු වෙඩිමුරය පළාත් පාලන මැතිවරණය පවත්වා එය ජයග්‍රහනය කිරීම. මම ඉල්ලීමක් කරනවා ජනතාගෙන් අපිත් සමඟ අත්වැල් බැද ගෙන මේ රට විනාශ කරන පිස්සු පාලනය ගෙදර යවන්න සමගි ජන බලවේගයට උපරිම හයිය ලබා දෙන්න කියලා.

ආදරණීය මිත්‍රවරුනි

මේ ජනාධිපතිවරයා ජනතාව අතරට එන්න බයයි. මේ ජනාධිපතිවරයා යන යන තැන මිනිස්සු උද්ඝෝෂණය කරනවා. උතුරට එන හැම වතාවේම පොදු ජනතාව පාරට බහිනවා. ඒ නිසා ජනාධිපතිවරයා මැතිවරණය බය බියගුලු කොන්දක් නැති ජනාධිපතිවරයෙක්. ඡන්දයක් තියන්න කශේරුකාවක් නැහැ.

මම පැහැදිලිව කියන්න කැමතියි. ඔබ කියන විදිහට විපක්ෂය ඉල්ලීමක් කරනවාලු ඡන්දය කල් දාන්න කියලා. එහෙනම් කොහොමද මම රට වටේ සමගි ජන බලවේගයේ සංවිධාකවරුන් සමඟ මන්ත්‍රීවරුන් සමග මහජන හමු පවත්වා ගෙන් ගෙට ගිහින් වීදියක් වීදියක් පාසා ගිහින් ඡන්ද ව්‍යාපාරය කරන්නේ ඇයි.

මිත්‍රවරුනි

හොඳට මතක තියා ගන්න මේ ජනාධිපතිවරයා දන්නේ සටකපට කම්වලින් තමන්ගේ බලය රැක ගැනීම මිස ජනතාවට සේවය කිරීමක් නොවේ. බොරුවට පෙන්වනවා උතුරේ ජනතාවට ආදරණයක් කරුණාවක් තියෙයි කියලා. හැබැයි උතුරෙ ජනතාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මම පැහැදිලිව කියන්නම් උතුරේ සහ යාපනේය අනෙකුත් දිස්ත්‍රික්කවල පොදු ජනතාවගේ සමාජ ආර්ථික ගැටලුවලට උත්තර ලබා දෙන්න සමගි ජන බලවේගයේ අපි සූදානම්.

– Media unit

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website