අඟහරුවාදා, 02 අප්‍රේල් 2024 10:14

සෞඛ්‍ය අමාත්‍යාංශය ගුණාත්මක තත්ත්ව සහතික නැතිව මිලියන 60ක ජීවනී අරන් Featured

සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි

ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතිකය (GMP) නොමැතිව කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ බව කියන රුපියල් මිලියන 60 කට අධික වටිනාකමින් යුත් ජීවනී පැකට් ලක්ෂ 12 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

මෙම ජීවනී පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට, ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලිපියක් යොමුකර දන්වා ඇතැයි, එම වෘත්තීය සමිති සඳහන් කරයි.

එම ලිපියට පිළිතුරු ලිපියක් යවමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා දේශීය ඖෂධ සඳහා WOR සහතිකයක් ලබා දෙන බව දැනුම් දී තිබේ.

නමුත් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැති රැස්වීමකදී ගත් තීරණයකට අනුව ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතිකය නොමැති වුවත් මෙම පැකට් තොගය ලබාගැනීමට හැකියාවක් ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විසින් අතිරේක ලේකම්වරයාට දැනුම් දී ඇතැයි ද සෞඛ්‍ය වෘත්තීය සමිති හෙළි කරගෙන ඇත.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website