අඟහරුවාදා, 02 අප්‍රේල් 2024 10:17

ඩාලි නැවේ විෂ අපද්‍රව්‍ය තිබිලා Featured

අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට අනුව එහි තිබී ඇති අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746කි. අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ද ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව එම අනතුර සිදුවන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවතියේය.අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.ඔවුන්ට අනුව ඒ තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේදී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇතැයි සඳහන් ය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website