සෙනසුරාදා, 06 අප්‍රේල් 2024 08:39

දමිතා 17 දක්වා රිමාන්ඩ් Featured

හිතා­ම­තාම අධි­ක­ර­ණය මඟ­හැ­රිය බව පෙනී යන බැවින් ඇප දෙන්න බෑ - කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බවට සහ ආග­මන විග­මන පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බවට පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය විසින් චෝදනා ගොනු කර අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ රංග­න­වේ­දිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (5)නියෝග කළේය. තම සේවා දාය­ක­යන් ආග­මන විග­මන පනත යටතේ ගැනෙන වැරදි සිදු කර නැති බවට අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පති­රණ මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කාර දෙපළ බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළේය.

පොලි­සිය අවස්ථා කිහි­ප­ය­කදී මඟ­හ­රි­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට වෙන් කළ දිනය වන බදාදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොවී කොල්ලු­පි­ටිය පොලි­සි­යට වෙන් කොට ඇති දිනය වන බ්‍රහ­ස්ප­තින්දා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වීමෙන් හිතා­ම­තාම අධි­ක­ර­ණය මඟ­හැ­රී­මක් සිදු කර ඇති බවට නිරී­ක්ෂ­ණය වන බැවින් ඇප දීමට හැකි­යා­වක් නැතැයි තීන්දුව ප්‍රකාශ කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටි­යේය. පෙරේදා (4) අධි­ක­ර­ණය ඉදි­රි­පි­ටදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­ක­රු­වන් දෙදෙනා ප්‍රකාශ සට­හන් කර ගැනී­මෙන් අන­තු­රුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

ඔවුන් දෙදනො පෙරේදා (4) නීති­ඥ­ව­රුන් මාර්ග­යෙන් අධි­ක­ර­ණ­යට භාර වීමට පැමිණ තිබූ අතර, කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාගේ නිල කාම­ර­යට නීති­ඥ­ව­රුන් ගොස් මෝසම ගොනු කිරී­මට අව­සර ඉල්ලා තිබිණි. එහිදී එදින නඩු විභා­ග­යට ගන්නේ කොල්ලු­පි­ටිය පොලි­සි­යට අදාළ නඩු බවත් එදින අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ දින­යක් නොවන බවත් සල­ක­මින් එම මෝෂන් පත භාර ගැනීම මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් ප්‍රති­ක්ෂේප කර තිබිණි. ඒ අනුව ඔවුන් අධි­ක­ර­ණ­යෙන් පිට­තදී මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් සිටි­යදී කාන්තා පොලිස් නිල­ධා­රීන් සිව්දෙ­න­කු­ගෙන් සම­න්විත නිල­ධා­රීන් 20ක පමණ පිරි­සක් පැමිණ සැක­ක­රුවෝ දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත රැගෙන යනු ලැබූහ.

මේ අතර දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා ආග­මන විග­මන පනත යටතේ අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වා­ලන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කිරීම ප්‍රති­ක්ෂේප කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය පසු­ගි­යදා (2) තීන්දු කර තිබිණි.

ඇප මත මුදා­හ­රින ලෙස අපේ­ක්ෂිත ඇප­යක් ගොනු කර­මින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ සිය නියෝ­ගය නිකුත් කර­මින් පසු­ගිය මාර්තු මස 27 දා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය. අපෙ­ක්ෂිත ඇපය ඉල්ල­මින් තමන් මෙරට ප්‍රවීණ නිළි­යක් වන බවත් දේශ­පා­ල­නයේ නිරත බවත් කිය­මින් ඇයට අප­කී­ර්ති­යක් ඇති කිරි­මට උත්සාහ දරා ඇතැයි දක්වා තිබිණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව ලබන 27 දින යළි කැඳ­වන ලෙසත්, එදි­නට විම­ර්ශන ප්‍රග­තිය දැනුම් දෙන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website