ඉරිදා, 07 අප්‍රේල් 2024 14:19

අප්‍රේල් 13 – 14 සුරා සැල් නැහැ Featured

අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් වසා තැබීමට තීරණය කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වැනිදා ද දිවයින පුරා පිහිටි මත්පැන්හල් වසා තැබෙනු ඇත.

මේ අතර, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අනුව, මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතව ඇත.

ඒ සඳහා වන යෝජනාව බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

එමෙන් ම අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන ද වසා තැබෙනු ඇති බව ද දැනුම්දී තිබේ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website