අඟහරුවාදා, 09 අප්‍රේල් 2024 12:25

මුස්ලිම් දේවස්ථානවලට පොලිස්-STF-හමුදා ආරක්ෂාවක් Featured

රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබේ.

සෑම පොලිස් වසමකටම අයත් සියලුම මුස්ලිම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කෙරේ.

ඒ සදහා පොලිස් නිළධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු ඇත.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website