බදාදා, 10 අප්‍රේල් 2024 07:58

ගින්නකින් අක්කර 40ක් විනාශයි.. Featured

හැටන් කොටගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක (09) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 40 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

ඉලුක් සහිත එම ඉඩමේ (09) දින දහවල් 12 ට පමණ ගින්න හටගෙන ඇති බවත්, පැවති අධික වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් සහ එම ඉඩමේ සේවකයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනයට සමත් වි ඇත.

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website