බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2024 11:02

රනිල්ට එරෙහි වුණොත් මා මරනවා කිවුවා.. කතානායකට පැමිණිලි කලා..- පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවේ.. Featured

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා නොදෙන්නේ නම් තමන්ව මරා දමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්නේතු මන්ත්‍රී වසන්තා යාපා බණ්ඩාර මහතා පවසයි.

 තමන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කළද ඔහුද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවශ්‍යනිසී මැදිහත්වීමක් සිදුකර නොමැති බව හෙතෙම සදහන් කරයි.

ඒ මහතා මෙසේ පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ ඇතැම් මුග්ධ තීරණ සහ සිදුකළ අමනෝඥ ක්‍රියාකාරකම් සඳහා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන් වූ තමන්වද යොදාගත් බවත් ඔහු කියා සිටී.

තවදුරටත් එසේ මුලා වීමට නොහැකි වීම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් රාජපක්ෂ පාලනයට එරෙහිව සටනක් ආරම්භ කල බවත් වරෙක රාජපක්ෂලා බිත්තියට හේත්තු කිරීමට තමන් ඇතුළු පිරිසට හැකිවූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website