සිකුරාදා, 12 අප්‍රේල් 2024 09:43

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කරගැනීමට සැලකිලිමත් වන්න Featured

රජය ජනතාවගෙන් ඉල්ලයි

2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුම් දීමට 1955 ක්ෂණික ඇමතුම් අංකය පැය 24ම ක්‍රියාත්මකයි
අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක්
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි.

එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරිමටද මේ වන විට පියවර ගෙන ඇත.

උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පසුගිය (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.\

DN

නවතම පුවත්

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website