සෙනසුරාදා, 13 අප්‍රේල් 2024 11:44

වඩා ප‍්‍රායෝගික උදෑසන නැකත් ඇති අවුරුදු නැකත් පත්‍රයයි..- සෝභිත හිමි Featured

මෙවර අවුරුදු නැකත් සම්බන්ධයෙන් මතුවී ඇති මත ගැටුම පිළිබඳ අවධානය යොමුකරමින් ඒ හා අදාළ වන බෞද්ධ ඉගැන්වීම පිළිබඳ ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අදහස් දක්වති.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ බුද්ධ දර්ශනය තුළ නැකත් චාරිත්‍ර සඳහා ප්‍රධානත්වයක් හිමි නොවන බවය.

නමුත් සාමුහිකත්වයට සහ කාලසටහනකට අනුව වැඩ කිරීම බෞද්ධ දර්ශනයේ ප්‍රධානතම ඉගැන්වීමක් බවත් ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙමින් ධර්මයේ පිහිටා අවිහිංසාවාදී ව කටයුතු කරන්නේ නම් සියලු කටයුතු සාර්ථක කරගත හැකි බවත් උන්වහන්සේ සඳහන් කරති.

මධ්‍යම රාත්‍රියේ යෙදී ඇති ප්‍රධාන නැකත් යෙදී ඇති නැකත් පත්‍රය මෙන්ම උදෑසන ප්‍රධාන නැකත් යොදා සකස් කළ විකල්ප නැකත් පත්‍රයද ජෝතිර්වේදීන් විසින්ම සකසා ඇති බැවින් තම අභිලාශය සහ පහසුව මත සුදුසු නැකත් පත්‍රයකට අනුව ජනතාවට කටයුතු කල හැකි බවත් වඩා ප්‍රයෝගික වන්නේ උදෑසනට ප්‍රධාන නැකත් යෙදී ඇති නැකත් පත්‍රය බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ වුවත් බෞද්ධ ඉගැන්වීමට පුද්ගලයා කටයුතු කළ යුත්තේ නැකත් මත නොව ධර්මයට අනුව බව ද උන්වහන්සේ අවධාරණය කරති.

 

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website