සිකුරාදා, 24 පෙබරවාරි 2023 17:28

ශෂී වීරවංශගෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක් Featured

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පනවා තිබු නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශෂී වීවරංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඇයට ඇති වී තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 03ක විවේකයක් අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් ඇයට අධිකරණයට පෙනී සිටීමට නොහැකි බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාග කිරීම ලබන 28 වනදා දක්වා කල් දැමීමට තීරණය කළා.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website