සදුදා, 15 අප්‍රේල් 2024 11:23

අවුරුදු සමයේ අනතුරුවල සැලකිය යුතු අඩුවක් Featured

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

විවිධ අනතුරු හේතුවෙන් ඊයේ (14) උදෑසන 7න් අවසන් වූ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය 13වැනිදා ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැත.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website