සිකුරාදා, 24 පෙබරවාරි 2023 21:18

ඡන්දයක් කියා දෙයක් නැතිනම් නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් 3100 වැටුප් ඉල්ලයි.. Featured

රාජ්‍ය සේවකයන් 3100 ප්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට පඩි රහිත නිවාඩු ලබා ගෙන නාම යෝජනා ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදි ඡන්දයක් කියා දෙයක් නැතිනම් මේ රාජ්‍ය සේවකයන් 3100 ඡන්දයක් තියෙනවා යැයි සිතාගෙන වැරදිලා නාමයෝජනා දී ඇතැයි සිතිය හැකි බවත් එහෙයින් ඔවුන්ට වහාම පඩි ගෙවන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම පිරිස් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය වහාම හෙළි කරන ලෙසත් රාජ්‍ය පරිපාලන පරිපාලන අමාත්‍යල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා ඉල්ලා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website