අඟහරුවාදා, 16 අප්‍රේල් 2024 11:54

ඊශ්‍රායලයට යන ශ්‍රී ලංකිකයන්ට ගුවන් ගමන් යළි අරඹයි.. Featured

2024 අප්‍රේල් මස 13 වැනිදා ඊශ්‍රායලයට ඉල්ලා වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සිමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවන ලද ගුවන් ගමන් යළිත් ආරම්භ කෙරේ.

ඒ අනුව ආකියා Arkia ගුවන් සමාගමේ ගුවන් යානයක් අප්‍රේල් මස 18 වැනිදා උදේ කොළඹ සිට ටෙල් අවිව් බලා පැමිණීමට නියමිතය

AIR-INDIA ගුවන් යනාවන් ද නවදිල්ලි නුවර සිට ටෙල් අවිව් දක්වා අප්‍රේල් මස 18 වැනිදා සිට යළිත් ආරම්භ වන අතර කොළඹ සිට නවදිල්ලිය හරහා ඊශ්‍රායලයට පැමිණෙන මගීන්ට එම යානා මගින් පැමිණීමට හියාව ලැබේ.

එයට අමතරව FLY DUBAI ගුවන් සේවය ද ඊශ්‍රායලය දක්වා ඩුබායි හා අබුඩාබි සිට ගමන් ආරම්භ කරන බැවින් ශ්‍රී ලාංකිකයන්ට එම ගුවන් යාන හරහා ද පැමිණීමට හැක.

කෙසේ වෙතත් දැනට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති මගීන් ගුවන් තොටුපලට යාමට පෙර තම ප්‍රවේශ පත්‍රය නැවත සනාථ කර ගන්න මෙන් දැනුම් දෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
cn

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website