අඟහරුවාදා, 16 අප්‍රේල් 2024 12:01

ජනාධිපතිවරණයට වැඩ කරන්න නම් මන්ත‍්‍රීලා වාහන බලපත‍්‍ර ඉල්ලති.. Featured

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තීරුබදු සහන වාහන බලපත්‍ර ලබාදීමට නොහැකි නම් වටිනාකමෙන් අඩු වාහනයක් හෝ ගැනීමට බලපත්‍රයක් ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයාගෙන් යළිත් ඉල්ලා තිබේ.

මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී ද යළි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඉදිරි මැතිවරණ වලදී දේශපාලන කටයුතුවලට සහභාගිවීමට වාහනයක් නොමැතිවීම විශාල ගැටළුවක් බවද මෙම පිරිස් පෙන්වා දී තිබේ.

කිසිදු වාහනයක් නොමැති නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

2015 වර්ෂයේන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර ු ලබා දී නැත.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website