ඉරිදා, 21 අප්‍රේල් 2024 12:07

සැප වාහන පර්මිට් ගන්න ආණ්ඩුවත් විපක්‍ෂයක් එක්වෙති.. එක්ව ලිපියකට අත්සන් තබති.. Featured

පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තීරු බදු රහිත වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල විශේෂ ලිපියකට අත්සන් කරමින් සිටියි.

පාර්ලිමේන්තුවේ ඉදිරි පෙල හා පසුපෙල මන්ත්‍රීවරුන් මෙම ලිපිය සඳහා දැනටමත් අත්සන් කර ඇත.

මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත්කර ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ ඊට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය ලබා ගන්නා ලෙසය.

ඒ අනුව අවසන් වරට පැවති පක්ෂ නායක රැස්වීමේදී ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම යෝජනාව තවදුරටත් සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව වෙත යොමු කිරීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මෙම වාහන බලපත්‍ර ලබාගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

 CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website