ඉරිදා, 21 අප්‍රේල් 2024 18:29

ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු  කරනවා. Featured

සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන් කිරීමට ප්‍රබලව යොදා ගත් මුරුංගා ශාක කොටස් අපේ දෛනික ආහාර වේලේ අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත් කිරීම සඳහා මුරුංගා ශාකය සෑම නිවසකම වගා කිරීමටත් ඒ පිළිබඳ ජනතාව දැඩිව උනන්දු කරවීමේ අරමුණින් සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත් දිනය ජාතික මුරුංගා  දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගංගාරාම විහාර පරිශ්‍රයේ පැවැති මුරුංගා පැළ රෝපණය කරමින් (අප්‍රියෙල් 18 දා) අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත්  උත්සවයට එක්වමින්ය.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව රට පුරා පිහිටුවා ඇති ආයුර්වේද සංරක්ෂණ සභා සමග එක්ව සෑම නිවසකම මුරුංගා පැලයක් රෝපණය කිරීමේ  පුළුල් වැඩපිළිවෙළක් ඇරඹන බව  අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි , මුරුංගා ශාකය පිළිබඳ ඇමරිකාවේ කැලිෆෝනියාවේ හි දී

පර්යේෂණ කර මුළු ලෝකයම එම මහෞෂධ ශාකය පිළිබඳ  දැනුවත් කළ Moringa for life  සංවිධානයේ  නිර්මාතෘ "ජපානයේ අම්මා" හෙවත් මොරිකෝ  ගිල්ෆොඩ්" (Moriko Gilffod) මහත්මිය, ත්‍රිකුණාමලයේ මුරුංගා  පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී  (DamayanthiJoan Lee) මහත්මිය,ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයෙන් සහ කරුණාටක ප්‍රාන්තයෙන් පැමිණි නියෝජිතයෝ ද  රාජ්‍ය අමාත්‍යංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න, අයුර්වේද ඖෂධ  සංස්ථාවේ සභාපති අනුර ඇතුළත්මුදලි, Moringa for life සංවිධානය ශ්‍රී ලංකා සම්බන්ධීකාරක වසන්ත කුලතුංග ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website