බදාදා, 24 අප්‍රේල් 2024 11:00

“යුනාන් පළාත් ජනතා සංගමයෙන් නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් Featured

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ විදේශ රටවල් සමග

මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් ජනතා සංගමය (Yunnan Provincial People's Association for Friendship with Foreign Countries) එක්ව සම්පුර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් ඊයේ (2024.4.23 දින ) නාරාහේන්පිට, ලංකා හොස්පිටල් හිදී පැවැත්විණි. මෙම අක්ෂි කාච බද්ධකිරිම් අදදින ද සිදුකෙරේ.

දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත් අක්ෂි රෝගීන් 100 දෙනෙකුට චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ අක්ෂි වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ අසේ සුද ඉවත්කර අක්ෂි කාචය බද්ධ කිරිම් සිදුකරන  ලදි.

පසුගිය වසරේ කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහල ලංකා හොස්පිටල් හි නොමිලේ ඇසේ සුද ඉවත්කිරිම් හා   අක්ෂි කාචය බද්ධ කිරිම් 120ක් සම්පූර්ණ කර ඇත.

මෙම අවස්ථාවට කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ  පළමු අනුබද්ධ රෝහලේ උප සභාපති වෛද්‍ය Yinglei Miao මහතා ඇතුලු අක්ෂි ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් හා ලංකා රෝහලේ වෛද්‍ය, හෙද කණ්ඩායමක් මෙම වැඩසටහනට සහභාගි වි සිටි. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රනාද අබේසේකර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website