සිකුරාදා, 26 අප්‍රේල් 2024 10:09

නේපාලයේ ලුම්බිණි ශ්‍රී ලංකා විහාරය වහා ප්‍රතිසංස්කරණය කළ යුතුයි Featured

නේපාලයේ ලුම්බිණි මහා සංවර්ධන සැලැස්ම යටතේ ථෙරවාදී රටවල් දහතුනකට සහ මහායාන රටවල් විසි හයකට ඉඩම් ලබා දී එම රටවල විහාර ඉදිකිරීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ යටතේඉදිකිරීම් ආරම්භ කළ ශ්‍රී ලංකා විහාරයේ කටයුතු 1998 නතර වී තිබී නැවත ඉදිකිරීම් ආරම්භ කර 2009 දී අවසන් කර ඇත.නමුත් ඉන් පසුව මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීම හේතුවෙන් විහාරයේ වහලය සහ කොත් කැරලි කඩා වැටී ඇත.

විවිධ රටවල බෞද්ධයන් හා බුදු දහමට ගරු කරන විදේශිකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණෙන බවත් මෙය ඉතා අනතුරුදායක තත්ත්වයක් හෙයින් මේ වන විට විදේශිකයන් පැමිණීම බොහෝ දුරට අඩුවී ඇතැයි එම විහාරවාසී පූජ්‍ය තිස්සමහාරාමයේ පඤ්ඤාසාර හිමියෝ මෙහි දී පැවසූහ.

වෙනත් රටවල විහාරස්ථානවලට බහුල විදේශිකයන් පැමිණෙන නමුත් ඔවුන් ලංකා විහාරයට පැමිණීමට දැඩි උනන්දුවක් දක්වන නමුත් මෙම විහාරස්ථානයට පැමිණීමේ දී මෙම අනතුරුදායක තත්ත්වය බලපා ඇතැයි ද එම නිසා මෙය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ප්‍රදේශයේ ප්‍රවීණ සංචාරක මාර්ගෝපදේශකයකු වන දිලිප් රයින් මහතා පැවසීය.

(උපුල් ජනක ජයසිංහ නේපාලය ලුම්බිණි සිට)

 

Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2024 10:09

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website