සිකුරාදා, 26 අප්‍රේල් 2024 10:55

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් Featured

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස එම නිවේදනයෙන් දැනුම්දී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

DMN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website