ඉරිදා, 28 අප්‍රේල් 2024 11:36

හොර වෙබ් අඩවිවලින් වීසා විකුණයි.. Featured

වීසා අයදුම් කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදය සඳහා ස්ථාපිත www.shrilankaevisa.lk වෙබ් අඩවියට සමාන වියාජ වෙබ් අඩවි වෙත පිවිස පුද්ගලයන් මුදල් ගෙවන බවට තොරතුරු ලැබි ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග ගත වීසා අයදුම් කිරීමේදී www.immigration.gov.lk / www.srilankaevisa.lk වෙබ් අඩවියේ evisa සබැදි පමණක් භාවිතා කරන ලෙස දැනුම් දෙයි.

පසුගිය 17 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ආරම්භ විය.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website