සදුදා, 29 අප්‍රේල් 2024 10:32

කම්මැලි ජේලර්ලාට එරෙහි දැඩි පියවර.. Featured

අකාර්යක්ෂම බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව කඩිනමින් පියවර ගැනීමට අවධානය යොමුව ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර වල වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම බන්ධනාගාර ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව දැනුම් දී තිබේ.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති එම සාකච්ඡාවට සියලු බන්ධනාගාර වල ජේෂ්ඨ අධිකාරිවරුන්,අධිකාරිවරුන්,,සහකාර අධිකාරිවරුන් සහ ප්‍රධාන ජේලර් වරුන් එක්ව තිබේ.

එහිදී බන්ධනාගාර සම්බන්ධයෙන් බුද්ධි අංශයෙන් සහ වෙනත් අංශවලින් ලද තොරතුරු පිළිබඳව වෙන් වෙන්ව සාකච්ඡා කර තිබේ.

එහිදී අකාර්යක්ෂම නිලධාරීන්ට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් දැඩිව අවවාද කර තිබේ.

යළි ඔවුන් සේවය කරන බන්ධනාගාර වල යම් නීති විරෝධි ක්‍රියාවක් වාර්තා වුවහොත් ඔවුන් එම බන්ධනාගාරවලින් වහා ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා බව එහිදී ප්‍රකාශ කර ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වහා අකාර්යක්ෂම බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ සොයා බැලීමක් සිදුකර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බන්ධනාගාර බුද්ධි අංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එවැනි නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website