අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 09:53

මාර්ග සංඥා අසල යාචකයන්ට මුදල් දුන්නොත් දඩ කොළයක්..?- පොලිසිවලට චක‍්‍රලේඛයක්.. Featured

කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා වාහන වල නවත්වන වාහන වලින් සිඟමන් යදින අයට මුදල් ලබා නොදෙන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විටත් වාහන ගමනාගමනයට බාධා කරන යාචකයන් ඉවත් කිරීමට චක්‍රලේඛයක් මගින් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 සිඟමයේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට නොහැකි වීම මත ඔවුන් ඇපමත මුදා හැරියද ඉන් පසුවද යළිත් පුරුදු යාචක කටයුත්තේ නිරත වන බවද පොලිසිය පෙන්වා දෙයි.

 මාර්ග සංඥා අසල යාචකයන් ඉහළ ගොස් ඇති අතර එය රියදුරන් ඇතුළු සියලු ජනතාවට අපහසුතාවයක් ඇති කරන බවද පෙන්වා දෙන පොලිසිය ඒ හේතුවෙන් යාචකවන් මාර්ග සංඥා අසල නවතන වාහනවලින් සිගමන් යැදීම වැලැක්වීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවද කියා සිටී.

 පොලිසියේ දැනුම් දීම නොතකා යාචකයන්ට මාර්ග සංඥා අසල මුදල් ලබා දෙන්නන් සම්බන්ධයෙන් දඩ කොළයක් නිකුත් කිරීමටද අවධානය යොමුවී තිබේ.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website