බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:59

මාලිමා ඇමතිවරුන් 25යි.. නම් කර අවසන්..- අනුර හෙලි කරයි… Featured

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තම රජයක් යටතේ ඇමතිවරුන් පත් කරන්නේ 25 දෙනෙකු පමණක් බවද ඔහු පැවසීය.

එම අමාත්‍යංශ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ද විසි පස්දෙනෙකු පත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

 ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු තවදුරටත් පැවසීය.

 ජාතික ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද මේ රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website