සෙනසුරාදා, 04 මැයි 2024 10:11

වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීහු 22400ක් Featured

මෙම වසරේ (2024) ගතවූ මාස 4යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසිය හතළිස් තුන්දෙනකු (22,443) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 9 දෙනකු මරණයට පත්ව ඇතැයිද එම ඒකකය කියයි.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතේ බවත්, එම සංඛ්‍යාව අටදහස් හැත්තෑ එකක් බවත් එම ඒකකය කියයි.

මීට අමතරව උතුරු පළාතෙන් රෝගීහු 4375 දෙනකුද, මධ්‍යම පළාතෙන් 1890 දෙනකුද, වයඹ පළාතෙන් 1616 දෙනකුද, සබගමුව පළාතෙන් 1855 දෙනකුද, දකුණු පළාතෙන් 1723 දෙනකුද වාර්තා වන බවද එම ඒකකය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website