ඉරිදා, 26 පෙබරවාරි 2023 08:37

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් පලායාම: කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් ස්ථානාධිපති ඇතුළු 4 ක් අත්අඩංගුවට Featured

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙකු පළායාම සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා, සාජන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සැකකරුට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේයී.

ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාසය භාර නිලධාරියාගේ අධීක්ෂණයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක් පනවා ඇති සැකකරුවෙකු, කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (25) පෙරවරුවේ පළාගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ, ව්‍යාජ නමකින් විදෙස්ගතවීමට උත්සහ කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රශ්න කිරීම් අතරතුරදී පළාගිය කළුතර පදිංචි සැකකරුගේ වයස අවුරුදු 28 කි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website