ඉරිදා, 05 මැයි 2024 08:08

කාසල්රි, මවුස්සාකැලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහලට… Featured

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

පවතින අධික වියළි කාලගුණයත් සමග (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහල බැස ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.

 ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.

 – රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website