බදාදා, 08 මැයි 2024 14:24

ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි Featured

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද(08) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සදහන් කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.

ඉකුත් පෙබරවාරි 13 වැනිදා මේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයත් නොමැතිව කල් තබනු ලැබීය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ගොනු කළ මෙම පෙන්සම ගොනු කර තිබුණි.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website