ඉරිදා, 26 පෙබරවාරි 2023 08:40

කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමේ මූලික සාකච්ඡාවක් ලබන සතියේ - කතානායක Featured

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරී‌මේ මූලික සාකච්ඡාවක්, ලබන සතියේ පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් සුදුස්සන් තේරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි.

කොමිෂන් සභා සාමාජිකයින් ලෙස පත්වීමට අයදුම්පත් 1.600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

ඒ අතුරින් මූලික සුදුස්සන්ගේ ලේඛනයක්, පිළියෙල කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා සාමාජිකයින් තෝරා පත් කරගැනීම සිදු කෙරෙනු ඇත.

ඒ පිළිබඳ අවසන් තීරණය, ඉදිරි සති දෙක ඇතුළත ව්‍යවස්ථාදායක සභාව රැස්වී තීරණය කරන බව, කතානායකවරයා සඳහන් කළේ ය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website