සිකුරාදා, 10 මැයි 2024 11:06

OL ඉංග‍්‍රිසි ප‍්‍රශ්ණ පත‍්‍රය Whatsapp ජාලයේ.. Featured

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය එලෙස සංසරණය වී තිබේ.

විභාග අපේක්ෂකයින් වංචා සහගතව පිළිතුරු ලිවීම සඳහා එලෙස සමාජ මාධ්‍ය මගින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංසරණය කර ඇති බව පැවසීය.
කෙසේ වෙතත් ඉන් ඉංග්‍රීසි භාෂාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැත.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website