ශ්‍රී ලංකාවට අමතරව ඒ මහතා සිය ආසියානු සංචාරයේදී ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබෙන අතර සංචාරය ආරම්භ කරමින් ඊයේ (10) ඉන්දියාවට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මහතාගේ ආසියානු සංචාරය එක් එක් රටවල් සමඟ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති අතර නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරයි. ඉන්දියාවේ චෙන්නායිහිදී, සහකාර ලේකම්වරයා දකුණු ඉන්දියාවේ ද්විපාර්ශ්වික කටයුතු ශක්තිමත් කිරීම සඳහා කොන්සල් නිලධාරීන් හමු වන අතර, ඊට අමතරව තවත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
සිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම නිදහස් හා ප්රජාතන්ත්රවාදී සමාජයක මුල්ගලක් ස ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කම තහවුරු කරයි. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඒ මහතා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
DMN