සෙනසුරාදා, 11 මැයි 2024 11:42

ජනතාව පිලිගන්නා වෙනත් පක්‍ෂවල මන්ත‍්‍රීන් මාලිමාවට එක් කර ගන්න සූදානම්.. Featured

මහජනතාව පිළිගන්නා වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ද ජාතික ජන බල වේගයට එකතු කර ගැනීමට සූදානම් බව එම ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

මාලිමාවට එක්වීමට කැමැත්තෙන් සිටින වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කරගන්නේ ජනතාව එම මන්ත්‍රීවරුන් පිළිගන්නා බවට සංඥාවක් ලැබුණොත් පමණක් යයිද ඇය පවසයි.

 සති අන්ත පුවත්පතක පැවති සාකච්ඡාවකට ඇය සඳහන් කරන්නේ ජාතික ජන බලවේගය යනු දේශපාලන පක්ෂයකට එහා ගිය ජනතා ව්‍යාපාරයක් බවත් එනිසා වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයෙකු මාලිමාවට එක්වීමට කැමැත්තෙන් සිටී නම් ඒ සඳහා ඔහුගේ කැමැත්ත පමණක් නොව ජනතාවගේ කැමැත්තද අත්‍යවශ්‍ය බවය.

 තම පක්ෂයේ ජනතාව ප්‍රතික්ෂේප කරන අය සමග කටයුතු නොකරන බවත් සොරකම් වලට ඍජුව සම්බන්ධ නොවූවත් හොරකම් කළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටි හා ඊට ඉඩදී බලා සිටි අයද මේ මොහොතේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවද ඇය කියා සිටියි.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website