ඉරිදා, 12 මැයි 2024 10:39

ෆෝන් ඔබන දරුවන්ගේ නිර්මාණශීලී හැකියා අඩුවේ – මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් Featured

ෆෝන් ඔබන දරුවන්ගේ නිර්මාණශීලී හැකියා අඩුවේ – මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම නිසා විශාදය වැනි රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින”ට පැවැසීය.

මෙම තත්ත්වය තුළ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අඩුවන බව ද හෙතෙම කීය.

මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ ද කියා සිටියේය.

දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නිසා ඔවුන්ට පාඩම් කරන්න තියෙන ඉඩ, සෙල්ලම් කරන්න තියෙන ඉඩ යාළුවෝ ඇසුරු කරන්න තියෙන ඉඩ, එදිනෙදා ජීවිතය ගත කරන්න තියෙන ඉඩ අහිමි වෙලා ගිහින්. මේ තත්ත්වයන් තුළ අද සමහර දරුවන්ට ජංගම දුරකථනය ද නැතිවම බැරිව ගිහින්. ඔවුන්ට ජංගම දුරකථනය ලබානොදුන්නාම තරහ වෙන්න පුළුවන්. අම්මලාව හතුරෝ වගේ පේන්න පුළුවන්. විශාදය වගේ රෝගවලට භාජනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මොළයට බලපාලා දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව, පරිකල්පන හැකියාව, සිතීමේ හැකියාව අඩු වෙනවා.

ජංගම දුරකථනවලට ඇබ්බැහි වුණු දරුවන්ගේ දෙමාපියන් කරන චෝදනාවක් තමයි ගුරුවරු සියලුම නෝට් එවන්නේ ජංගම දුරකථනයට කියන කාරණාව. මේකත් විශාල ප්‍රශ්නයක් කියලා ඔවුන් කියනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්a

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website